ප්‍රමුඛ පුවත 1

අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයි

(UTV| කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව අද පස්වරු 1ට පළමු වරට රැස්වේ.

පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන බව වාර්තාවේ.

පසුගිය 12 වැනිදා අවසන් වරට පාර්ලිමේන්තුව රැස්වූ අතර අද කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මේ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00ට පක්ෂ නායක හමුවක් කැඳවිමට නියමිතය.

එහිදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව කථානායක කාර්යාලය පවසයි.

අද දිනයේ මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය සීමාවක් ඇතිව විවෘත තබන බව කථානායක කාර්යාලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

එජාපය ශක්තිමත් විපක්ෂයක් ලෙස ඉදිරියේදී කටයුතු කරනවා [VIDEO]

Mohamed Dilsad

රුපියලේ අගය තවත් බසී

Mohamed Dilsad

බියගම ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment