ක්‍රීඩා

අකිලට අන්තර් ජාතික ක්‍රිකට් තරඟ තහනම්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය  නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය ඊයේ(10) පැවසුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ තහනමක් පනවා ඇති බවයි.

පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත තරග සංචාරයේ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව තරග තීරකවරුන් විසින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට වාර්තා කර තිබුණි.

ඒ අනුව දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය.

අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව ඔස්ට්‍රේලියාවේදී පරීක්ෂණයකට මුහුණ දුන්නේ ය.

එම පරීක්‍ෂණය අනුව අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ස්වාධීන තක්සේරුවකින් සනාථ වේ ඇති අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම අත්හිටුවන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ක්‍රිකට් නායකත්වයට සමු දුන් ඇන්ජලෝ මාධ්‍යයට දැක්වූ අදහස්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ විස්සයි – 20 ට නවසීලන්තය සංචිතය නම් කරයි.

Mohamed Dilsad

ආසියානු කුසලානය : බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අදයි

Mohamed Dilsad

Leave a Comment