ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක්

(උදයම්,කොළඹ)   –  ශ්‍රී ලංකාව ආසන්න වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (විශේෂයෙන් මාර්තු 02 සිට 04 දින දක්වා) දිවයිනේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව,  මධ්‍යම සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථාන වල (මි.මී 100ට වැඩි)  තද වැසි ද  ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටි.

Related posts

මැයි 08 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය යලි ආරම්භ කරයි.

Mohamed Dilsad

කොළඹ සෙබස්තියන් සිංහල විදුහලේ දරු දැරියන් ගුරුවරුන්ට උපහාර පුදයි

Mohamed Dilsad

යතුරුපැදි අනතුර දෙදෙනෙකුට මරු කැඳවයි

Mohamed Dilsad

Leave a Comment