ප්‍රමුඛ පුවත 1

පහරදීමකින් සිසුවෙකු මිය යෑම හේතුවෙන් ‍බේරුවල විද්‍යාලයක් දින 02ක් වැසේ

(UTV| කොළඹ) – පාසලේ සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු සිදුවූ පහදීමකින් අනතුරුව 17 හැවිරිදි සිසුවෙකු මියයෑම හේතුවෙන් බේරුවල – උමයිසරා මධ්‍ය මහා විද්‍යාලය දින 02 කට වසා දැමීමට පියවර ගෙන ඇත.

පහර කෑමට ලක්වූ සිසුවා මියයෑම සහ සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනීම සළකා බැලීමෙන් අනතුරුව පාසල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බේරුවල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේය.

පාසල වසා දැමීම හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර අවසාන විභාගය ද දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

මිය ගිය සිසුවා ශිෂ්‍ය නායකයෙකු වන අතර, ඝාතනය සිදුකළ සිසුවාට උපදෙසක් ලබාදීම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙම ගැටුමට හේතුවී ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් 11

Mohamed Dilsad

දිවයිනේ සියළුම සුරාසැල් නත්තල් දින වැසේ

Mohamed Dilsad

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියෙන් ඇන තුවාල කළ තරුණයාට ඇප

Mohamed Dilsad

Leave a Comment