ප්‍රමුඛ පුවත 1

නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්

(UTV| කොළඹ) – කෑගල්ල, රත්නපුර, කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ,ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට දැරණියගල දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් නායයාම් පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවත් නායයෑම් පිළිබදව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් කොරෝනා ආසාධිතයන් දස දෙනෙක් – සමස්ථ සංඛ්‍යාව 142 දක්වා ඉහළට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment