ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍ය වැය ශිර්ෂ කප්පාදු යෝජනාව න්‍යාය පත්‍රයට

(UTV| කොළඹ) – ජනරජයේ මුදල් කිසිදු වියදමක් සඳහා අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක, රවී කරුණානායක, නාලක ප්‍රසාද් කොලොන්නෙ, වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන , හෙක්ටර් අප්පුහාමි සහ චතුර සංදීප සේනාරත්න යන මන්ත්‍රීවරු පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවට භාර දුන් යෝජනාව අට වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්මත වී ඇති හෙයින් නොවැම්බර් 15 වැනි දා සිට ජනරජයේ අරමුදලෙන් කිසිම වියදමක් අනුමත කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට බලයක් නැතැයි ද, එය උල්ලංඝණය කරන කවර හෝ තැනැත්තකුට එරෙහිව නීතිමය පියවර ගත හැකි යැයි ද සඳහන් කරමින් මෙම යෝජනාව භාර දී තිබේ.

මෙම යෝජනාව න්‍යාය පුස්තකයේ 2018 නොවැම්බර් 29 වැනිදා දිනට නියමිත කටයුතුවලට ඇතුළත් කර ඇතැයි පාර්ලිමේන්තුව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හිස නොමැති සිරුරක් ලක් දනව්ව විදුලි බලාගාරය අසල

Mohamed Dilsad

පක්ෂ නායකත්වය වෙනස් නොවන්නේ නම් දේශපාලනයෙන් ඉවතට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment