ප්‍රමුඛ පුවත 1

තෙල් සංස්ථා වෙඩි තැබීමේ සිද්ධියට අදාළව 15 දෙනෙකුගෙන් ප්‍රශ්න කරයි

(UTV| කොළඹ) – දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පුද්ගලයින් 15 දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබූ අතර, පසුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට එහිදී නියෝග කළේය.

එමෙන්ම වෙඩි තැබීම සිදුකළ මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරියා ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

වෙඩි තැබීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් දියත් කර තිබූ වර්ජනය ද අත්හිටුවීමට පියවර ගත්තේය.

ඒ අනුව තෙල් බෙදා හැරීමේ කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොලොන්නාව නිමාවට ගුවන්යානා ඉන්ධන පෙරහන් පද්ධතියක්

Mohamed Dilsad

ප්‍රගතිශීලී මුස්ලිම් පෙරමුණ ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ සමඟ එක්වෙයිද?

Mohamed Dilsad

අමාත්‍ය කේ. ෂන්මුගම් සහ ජනපති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment