ප්‍රමුඛ පුවත 1

රවීගේ නිවස උඩින් ඩ්‍රෝන යැවු දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවස හා ඒ අවට ප්‍රදේශය ඩ්‍රෝන කැමරාවක ආධාරයෙන් වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවෙක් වන බවත් ඔවුන් අද (26) කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද තලංගම පොලිසිය කියයි.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ නිවසට ඉහළින් ඊයේ (25දා) දහවල් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කර ඇති අයුරු එම නිවසේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දැක වහාම එය ගුවන්ගත කරමින් සිටි පුද්ගලයන් අසලට ගොස් ඒ පිළිබඳ විමසා, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන රෝපණ වැඩසටහනට අයත් රූගත කිරීමක් ඩ්‍රෝනා කැමරාවක ආධාරයෙන් සිදුකර ඇති බව අනාවරණය වී ඇති නමුත් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරීම සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරයක් ලබාගත යුතු බවත්, ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානය දැනුම්වත් කළ යුතු වුවද මෙම අධි ආරක්ෂිත කලාපයේ සිදුකළ මෙම ක්‍රියාව සඳහා ඒ කිසිදු අවසරයක් ගෙන නොමැති බව හෙළිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නුවරඑළියේ වෛද්‍යවරියක් අභිරහස් ලෙස මියයයි

Mohamed Dilsad

ඩෙංගු බෝ වීමේ අවධානම ඉහලට.

Mohamed Dilsad

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා (UPDATE)

Mohamed Dilsad

Leave a Comment