ප්‍රමුඛ පුවත 1

ජාතික වප්මඟුල් උත්සවය ජනපති ප්‍රධානාත්වයෙන්

(UTV|අනුරාධපුරය) – මහ කන්නයේ ජාතික වප්මඟුල් උත්සවය මේ මස 29 දින පෙ.ව 9.30 ට ඓතිහාසික තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල් යායේ දී පැවැත්වීමට නියමීත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඒ අනුව මෙවර මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කිරීම සංකේතවත් කරමින් මෙවර වප් මඟුල් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙවර මහ කන්නය සඳහා කුඹුරු අස්වැද්දීමට ප්‍රධාන ජලාශවලින් වාරි ජලය නිකුත් කිරීමට නියමිතව තිබෙන්නේ හෙට (27) පසුව වන බැවින් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වර්ෂා ජලයත් උපයෝගී කර ගනිමින් සිදු කිරීම තුළ වාරි ජලය කළමනාකරණය කර ගැනීමේ පහසුව ලැබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.

එම නිසා මෙවර මහ කන්නයේ කුඹුරු අස්වැද්දීම සඳහා වන වප්මඟුල් උත්සවය හෙළ සිරිත් විරිත් අනුව එදිනට (29) පැවැත්වීමට අදාළව සියලු කටයුතු මේ වන විට සංවිධාන කර ඇත.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදා ගැනීම සඳහා ගොවීන් උනන්දු කරවීමේ ව්‍යාපෘතියක් ලෙස මේ ජාතික වප්මඟුල් උත්සවය යොදා ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩි දුරටත් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෞඛ්‍ය ආරක්ෂිත දන්සැල් ගැන දැනගන්න දුරකතන අංකයක්

Mohamed Dilsad

රටින් ත්‍රස්තවාදය අතුගා දැමීමට උපරිම සහය -ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රෝයි ද සිල්වා මහතා දැයෙන් සමු ගනී

Mohamed Dilsad

Leave a Comment