ප්‍රමුඛ පුවත 1

බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු සිව් නමකට වරෙන්තු

(UTV| කොළඹ) –  භික්ෂූන් වහන්සේ සිව් නමක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

ඒ රාජ්‍ය දේපලවලට හානි කිරිමේ චෝදනා සම්බන්ධයෙනි.

පසුගිය වසරේ පැවැති ආබාධිත රණවිරු උද්ඝෝෂණය අතරවාරයේදී රාජ්‍ය දේපලට හානි කිරිම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවකට අදාල සැකකාර හිමිවරුන් හඳුනාගෙන ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි යන හිමිවරුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණි.

මීට අමතරව පසුගිය නඩු වාරයට ඉදිරිපත් නොවීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමි අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලාවලට එරෙහිව දැඩි පියවර – අධ්‍යාපන අමාත්‍යාංශය(වීඩියෝ)

Mohamed Dilsad

ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

වර්ජනය නිසා කාර්යාල දුම්රිය කිසිවක් ධාවනය වී නෑ

Mohamed Dilsad

Leave a Comment