ප්‍රමුඛ පුවත 1

ෆෙස්බුක් තහනම ඉදිරි දින කීපයේ දී ඉවතට, නව වැඩපිළිවෙලක් රටට හඳුන්වා දෙනවා- ජනපති

(UTV| ජපානය) – මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම්වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේදී ඉවත් කරන බවත් මෙම සම්පත් නිසි ලෙස භාවිතා කිරීම පිළිබඳ නව වැඩපිළිවෙලක් ඉදිරි සති කිහිපය තුළ රටට හඳුන්වාදීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා,සහ  ජපානයේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අතර පැවැති හමුවක් අමතමින් මේ බව පවසා ඇත.

ජාතික සමඟිය නැති කිරීම, ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතළ නින්දා කිරීම් වැනි දේ ඉවත් කර යහපත් සහ නිවැරදි දේ පමණක් හුවමාරු කෙරෙන මාධ්‍ය වැඩි වැඩියෙන් අවශ්‍ය බව ද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස හා දූෂණය තුරන් කිරීම උදෙසා ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක්

Mohamed Dilsad

පැය 11ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

හැටන් ෆොඩයිස් හරහා ඩයගම ප්‍රධාන මාර්ගයේ ධාවනයට බාධා

Mohamed Dilsad

Leave a Comment