විදෙස්

ජපානයේ හදිසි නීතිය ඉවත් කිරීමේ සූදානමක්

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මාස දෙකක් ඇතුළතදී වෛරසය පාලනය කිරීමට සමත්වූ බවත් එබැවින් ‘ලොක්ඩවුන්’ ඇතුළු දැඩි සීමා ලිහිල් කරන බවත් ජපාන අග්‍රාමාත්‍යවරයා අද (25) පැවැසීය.

නව ආසාදිතයන් වාර්තා වීම අඩුවීමත් සමඟ සමාජ දුරස්ථභාවයට අදාළව පනවා තිබූ සීමා ලිහිල් කිරීමට ජපාන බලධාරිහු මැයි 14 වැනිදා පියවර ගත්හ. එහෙත් ටෝකියෝ සහ ප්‍රධාන පරිපාලන ප්‍රදේශ හතකර දැඩි සීමා අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජපාන බලධාරීහු ක්‍රියාකළහ.

ජපානය යනු ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. ජපානයෙන් අද (25) වනවිට ආසාදිතයන් 16,600කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබුණු අතර එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත 839ක් ලෙස දැක්විණි.

ජපානය නව කොරෝනා වයිරසයේ ‘‘ව්‍යවසන කලාපයක්’’ වනු ඇතැයි මීට මාසයකට පෙර සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබිණි. කෙසේ නමුත් රජය ඊට දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගැනීමට හැකිවූයේ යැයි පැවසේ. ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ ප්‍රසාදය ද හිමි වී ඇත.

Related posts

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ගැටුම් උග්‍ර වෙයි.

Mohamed Dilsad

ලෝ පුරා කොවිඩ් 19 මරණ 74 000 ඉක්මවා යයි

Mohamed Dilsad

කිඹුලෙකුගේ මුව තුලට හිස දමන මිනිසාට සිදුවන දේ බලන්න

Mohamed Dilsad

Leave a Comment