ප්‍රමුඛ පුවත 1

උසස් පෙළ උසස් ලෙස සමතුන් මෙන්න

 

(UTV | කොළඹ) –  2019 උසස් පෙළ විභාගයේ නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ තරුෂ ශිහාන් ෆොන්සේකා ශිෂ්‍යයායි.

පැරණි විෂය නිර්දේශය යටතේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය පින්නවල ජාතික පාසලේ දර්ශන ඉසුරුසිරි සම්පත් හිමිකරගෙන තිබේ.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය උසස් පෙළ විභාගයේ දිවයිනෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකර ගත්හ.

එම විද්‍යාලයේ විනුර ඔසද ගාල්ලගේ ශිෂ්‍යයා ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවේ නව නිර්දේශය යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

මෙවර උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ ශිෂ්‍යයායි.

කොළඹ විශාකා විද්‍යාලයේ සචිනි විජේවර්ධන සිසුවිය මෙවර උසස් පෙළ විභාගයේ විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගත්තාය.

මීට අමතරව යාපනය හින්දු විද්‍යාලයේ ජෙයනන්දරාජා විද්‍යා අංශයෙන් දිවයිනේ දෙවන ස්ථානය හිමිකරගෙන ඇති බව සඳහන්.

කොළඹ බිෂොප් විද්‍යාලයේ ටෙෂානි නිම්හාරා හෙට්ටිගේ නව විෂය නිර්දේශයෙන් මෙවර උසස් පෙළ විභාගයේ වානිජ විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබේ.

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ තේෂානි වැලිගමගේ සිසුවිය නව විෂය නිර්දේශයෙන් මෙවර උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත් විය.

2019 උසස් පෙළ විභාගයේ පැරණි නිර්දේශය යටතේ කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ නිපුණ විරාජ් හෙට්ටිආරච්චිගේ ශිෂ්‍යයායි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුත්තලමට ගංවතුර තත්ත්වයක් [PHOTOS]

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලයෙන් සජිත්ගේ ජය තහවුරු වුණා – ඇමති මංගල [VIDEO]

Mohamed Dilsad

නව අග්‍රාමත්‍යවරයා වැඩ භාර ගනී.

Mohamed Dilsad

Leave a Comment