ව්‍යාපාරික

දඹුල්ලේ එළවළු තොග මිල වාර්තාගත ලෙස පහතට

(උදයම්,දඹුල්ල) – දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන බොහෝ එළවළු වල තොග කිලෝවක මිල ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරූ අන්දමින් පහත වැටී ඇති බව වාර්තාවේ.

අප වාර්තාකරු සඳහන් කළේ රුපියල් 5- 20ක් අතර මිලකට කිලෝවක මිල පහත වැටී ඇති බවය.

වම්බටු, එළබටු, ගෝවා, ලීක්ස්, කැරට්, දඹල, රාබු ආදී එළවළු වර්ගවල මිල මෙසේ පහත වැටී ඇත.

එබැවින් එම එළවළු තොග වෙනත් අලෙවි මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කර එළවළු ගොවියා ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස මාත‍ලේ ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

මෙම එළවළු වර්ගයන් හි තොග සැපයුම ඉහළ යාම නිසා මෙසේ මිල ගණන් පහත වැටී ඇති බව පෙන්වා දෙන සභාපතිවරයා එම එළවළු තොග වෙනත් අලෙවි මධ්‍යස්ථානය කරා රැගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීම තුළ සාමාන්‍ය පාරිභෝගිකයාට සහනදායී මිලකට එළවළු මිලදී ගැනීමට හැකිවනු ඇතැයිද කියයි.

මෙම අතිරික්ත එළවළු තොග එසේ අලෙවි කරගත නොහැකි වුවහොත් ඉවත දැමීමට සිදුවීමෙන් ගොවියාගේ ආර්ථිකයට විශාල බලපෑමක් වනු ඇතැයිද ඒ මහතා කීය.

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තීරණයක් ගෙන නෑ -මුදල් රාජ්‍ය ඇමති

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් බොර තෙල් මිලදී ගැනීමේ සූදානමක්

Editor O

හාල්පිටිවලින් නිශ්පාදිත ආහාරවලට වැඩි ඉඩක්

Mohamed Dilsad

Leave a Comment