ප්‍රමුඛ පුවත 1

පාදෙණියට එරෙහි නඩුවට දින නියම වෙයි

(UTV| කොළඹ) – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට එරෙහිව නඩුව ලබන වසරේ මාර්තු මස 2 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (18) දින නියම කළේය.

ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවය.

ඒ, එම නඩුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රතිපත්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර හමුවේ කැදවූ අවස්ථාවේදීය.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය  නිකුත් කළ නියෝගයක් විවේචනය කිරීමෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව පවසමින් එම නඩුව පවරා තිබේ.

ඒ, සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සමකැදවුම්කරු ගාමිණි වියන්ගොඩ විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාව කෝප් කමිටුට හමුවට කැඳවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් සහ ජෙඩා දක්වා ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment