ප්‍රමුඛ පුවත 1

70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු මුදල් නෝට්ටුව ජනපතිට පිළිගන්වයි

(UTV| කොළඹ) – පෙබරවාරි මස 04 වන දිනට යෙදී ඇති 70 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් දහසක වටිනාකමින් යුත් සමරු මුදල් නෝට්ටුව ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.

මෙය මහබැංකුව විසින් නිකුත් කළ සිව්වැනි සමරු නෝට්ටුවයි.

සමරු මුදල් නෝට්ටුවේ විශාලත්වය, ප‍්‍රමුඛ වර්ණය හා ආරක්ෂණ සලකුණ දැනට සංසරණයේ පවතින 11 වැනි කාණ්ඩයට අයත් රු 1000/- ක වටිනාකමින් යුත් ව්‍යවහාර මුදල් නෝට්ටුවට සමාන වන අතර, මෙහි වම් පස පහළ කෙළවරේ සමනල රූපය වෙනුවට විවිධත්වය සැමරීමේ ලාංඡනය හා 70 වැනි නිදහස සැමරීමේ ලාංඡනය යොදා ඇත. 11 වැනි කාණ්ඩයේ 1000 නෝට්ටුවේ මැද ඇති රම්බොඩ උමගේ ඡායාරූපය වෙනුවට පන්සල, පල්ලිය, කෝවිල සහ දේවස්ථානය දැක්වෙන රූප යෙදීම පමණක් සිදු කර තිබේ.

මෙම සමරු මුදල් නෝට්ටුව 2018-02-06 වනදා සිට බලපත‍්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන බව මහබැංකුව පවසයි.

මහබැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනෙවිරත්න, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය ගැන ගොවි ජනතාව දැනුවත් කිරීම අද සිට .

Mohamed Dilsad

අසත්‍ය පුවත් මවන මාධ්‍ය මාෆියාව නැවැත්විය යුතුයි- ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

Mohamed Dilsad

ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණයක් ගන්න ජනපති සුදානම්

Mohamed Dilsad

Leave a Comment