ප්‍රමුඛ පුවත 1

ප්‍රතික්ෂේප වූ නාමයෝජනා (UPDATE)

(UPDATE)-(UTV|මහනුවර) – නාවලපිටිය නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වූ අපේක්ෂකයාගේ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.ඒ නාමයෝජනා භාර දීමෙන් පසු ඉදිරිපත් වූ විරෝධතා සලකා බැලීමෙන් අනතුරුවය. 

(UPDATE)-(UTV|බදුල්ල) -ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල සහ මහියංගණය ප්‍රාදේශීය සභා වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත .

(UPDATE)-(UTV|කොළඹ) – පානදුර නගර සභාව සහ අගලවත්ත ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වී ඇත.
ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රවල ඇතැම් අත්සන් නිසි පරිදි නොතිබීම නිසා ඒවා ප්‍රතික්ෂේප වී  ඇති බව වාර්තාවේ.

(UTV|කොළඹ) –  මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැලිගම නගර සභාව සදහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තාවේ.

අදාල දිස්ත්‍රික්කය සදහා පක්ෂයෙන් නම් කර ඇති බලයලත් නිලධාරියා විසින් අදාළ නාමයෝජනාව භාර නොදීම හේතුවෙන් මෙලෙස  නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ.ඊට අදාළව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ද ප්‍රතික්ෂේප වී ඇත.

ඒ නියමිත කාන්තා නියෝජනය නොමැතිවීම හේතුවෙන් බව තේරීම් භාර නිලධාරීවරයා පවසයි.

Related posts

වව්නියාව මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දමයි

Mohamed Dilsad

කොහුවල ව්‍යාජ ඇමරිකානු මුදල් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර ගන්නා බව ජනපති ලෝක වනාන්තර සැමරුම් සමුළුවේදී කියයි

Mohamed Dilsad

Leave a Comment