ප්‍රමුඛ පුවත 1

කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි

(උදයම්,කොළඹ)  –  කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි.

මේ හේතුවෙන් බුලත්සිංහළ,අගලවත්ත සහ ඉංගිරිය අවට පහත් බිම්වල ජීවත්වන ජනතාවට සැලකිලිමත් වන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මේ අතර අද දිනයේ බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණුසහ වයඹ පළාත් වලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිරසහ ඌවපළාත්වලස්ථානස්වල්පයකසවස 2.00න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ .

දකුණුපළාතෙත්  බිබිලප්‍රදේශයේත් විටින් විට හමන පැ.කි.මී.50 දක්වා තරමක් තද සුළං ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

රේගු වර්ජනය තුන්වන දිනටත්

Mohamed Dilsad

සජිත්ට පක්ෂ නායකත්වය ලබාදිමේ සටන හෙටින් ඇරඹේ [VIDEO]

Mohamed Dilsad

මැලේරියා රෝගය බෝ කරන නව මදුරු විශේෂයක් ගැන අවධානය

Mohamed Dilsad

Leave a Comment