දේශීය

වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කෙරේ

(UTV | කොළඹ) – නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තුව හා දඩ මුදල් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුල වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැදී සිටීමට වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 500 ක් අයකරනු ලබන බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම, සාර්ක් කලාපීය රටවල් සඳහා විද්‍යුත් සංචරණ අනුමැතිය යටතේ පළමු දින 30 සඳහා ඇමෙරිකානු ඩොලර් 70 ක ගාස්තුවක් සහ සාර්ක් කලාපයේ නොවන රටවල් වලට පළමු දින 30 සඳහා ඇමෙරිකානු ඩොලර් 90 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය සඳහා දින 180 ක් දක්වා වන වීසා සඳහා ඇමෙරිකානු ඩොලර් 100 ක ගාස්තුවක් අය කෙරෙන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මීට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය මෙතැනින් බලන්න

Related posts

මාලිමා ආණ්ඩුව, සමලිංගික විවාහ පනත් කෙටුම්පත සම්මත කරාවිද…? ඒ් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කළ ප්‍රකාශය මෙන්න

Editor O

ඉදිරි දිනවල තද සුළං සහ වැසි : කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

Editor O

ශිෂ්‍යත්වයට පෙනී සිටින සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් උපදෙස් මාලාවක්

Editor O

Leave a Comment