දේශීය

ෆයිසර් එන්නත් පලමු තොගය අනිද්දා දිවයිනට

(UTV | කොළඹ) – ඇමෙරිකාවේ නිපදවන ෆයිසර් එන්නත් පලමු තොගය ලබන අඟහරුවාදා  මෙරටට ලැබීමට නියමිතයි.

ලැබෙන මාත්‍රා සංඛ්‍යාව 26 දහසකි. ලබන සතිය තුළ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 25 දහසක් මෙරටට ලැබෙනු ඇත.

ඉදිරියේදී ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමති මහචාර්යය චන්න ජයසුමන මහතා පවසයි. ඒවා ලැබුනු වහාම තෝරාගත් ජන කණ්ඩායම් එන්නත් කිරිමට සැලසුම්කර තිබේ.

ෆයිසර් මාත්‍රා දෙකක් එන්නත් කළ යුතුය. ෆයිසර් එන්නත ලැබෙන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රි ලංකාව පත්වන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුනසේන මහතා කියයි.

Related posts

ඉන්ධන මිල සංශෝධනය අද

Editor O

පාර්ලිමේන්තුව අසල යතුරු පැදි සිද්ධිය ගැන විමර්ශනයක්

Mohamed Dilsad

නැගෙනහිර ජැටිය විකිණීමට හෝ බදුදීමට කිසිඳු තීරණයක් ගෙන නැහැ – අගමැති

Mohamed Dilsad

Leave a Comment