කලා

අමිතාබ්ගේ මිණිපිරී රංගනයෙන් ඈත් වෙයි

(UTV | ඉන්දියාව) – නුදුරේම බොලිවුඩ් සිනමාවට එක්වෙනු ඇතැයි බොහෝ දෙනෙකු මත පළ කළද බොලිවුඩ් සිනමා නළු අමිතාබ් බච්චන්ගේ මිණිපිරිය වන නාව්‍යා නවේලි නන්දා මීට දින කිහිපයකට පෙර සිය පියා වූ නිඛිල් නන්දාගේ පවුලේ ව්‍යාපාර සඳහා සම්බන්ධ වූ බව වාර්තා වෙයි.

ඇය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා තිබුණේ තමා තුළ රඟපාන්න කිසිදු අදහසක් නැති හෙයින් තම පවුලේ ව්‍යාපාර සඳහා යොමු වූ බවය.

ඇමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි ෆොර්ඩ්හැම් විශ්වවිද්‍යාලයේ මේ වනවිට අවසන් වසරේ නවේලි නන්දා සිය අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිටින බව සඳහන් වෙයි.

 

Related posts

ස්ට්‍රීට් ඩාන්සර් 3D වාර්තා ගත අදායමක් උපයයි

Mohamed Dilsad

Beyonce ගේ නවතම ඡායාරූපය

Mohamed Dilsad

ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයට වාරණයක්

Mohamed Dilsad

Leave a Comment