දේශීය

අද රාත්‍රී 10 ට යළිත් මුළු දිවයිනටම ඇඳිරි නීතිය

(UTV | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා තිබූ ඇඳිරි නීතිය දින 66 කට පසුව අද පෙරවරු 5 ට ඉවත්කරනු ලැබීය.

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ මේ දිස්ත්‍රික්කවල ජනතාව වෙනත් ප්‍රදේශවලට වඩා වැඩි වශයෙන් එදිනෙදා කටයුතු සඳහා නගර වෙත පැමිණ තිබුණි.

අද රාත්‍රී 10 ට යළිත් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

එය හෙට (27) පෙරවරු 4 ට යළි ලිහිල් කරන අතර, නැවත දැනුම්දෙන තුරු සෑම දිනකම රාත්‍රී 10 සිට පෙරවරු 4 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇත.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවෙන් වන්දි අය කරගැනීම ගැන අවසන් වාර්තාව හෙට

Mohamed Dilsad

සිමෙන්ති මිල යළි ඉහළට

Mohamed Dilsad

ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 – යුපුන්ට 05 වැනි තැන

Mohamed Dilsad

Leave a Comment