ප්‍රමුඛ පුවත 1

නිදහස් චතුරශ්‍රයේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් මාර්ග වැසේ

(උදයම්,කොළඹ)  –  අපවත් වී වදාළ අමරපුර නිකායේ මහනායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බැවින් මේ වන විට මාර්ග කිහිපයක් වසා දමා ඇති බව පොලිසිය පවසයි.

ඒ අනුව මේ වන විට නිදහස් වටරවුම සහ පදනම් මාර්ගය ඔස්සේ නිදහස් මාවතට ඇතුලත් වීම සීමා කර තිබේ.

නිදහස් මාවත එක්දිසාවකට පමණක් ධාවනය කළ හැකි මාර්ගයක් වන බැවින් රාජ්‍ය පරිපාලන හන්දියෙන් නිදහස් මාවතට ඇතුලත් විය නොහැකි බව පොලිසිය දැනුම් දෙයි.

පස්වරු 02.30 ට නිදහස් මාවත සම්පුර්ණයෙන්ම වසා තැබීමට නියමිත අතර එහිදී නිදහස් මාවත සහ නිදහස් චතුරශ්‍රයට පිවිසිය හැකි සියලු මාර්ග සහ අතුරු මාර්ග සියල්ල අදානකටයුතු අවසන්වනතුරු වසා තබනු ඇත.

Related posts

ඉරාන ජාතියකු අත්අඩංගුවට

Mohamed Dilsad

CID නිලධාරීන් 704 කට විදේශගත වීම තහනම් කෙරේ

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනපති කොමිසම යළි සාක්ෂි විමසයි

Mohamed Dilsad

Leave a Comment