ප්‍රමුඛ පුවත 1

දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු ඉහලට ?

(UTV| කොළඹ) – දුම්රිය සේවාව අලුත්වැඩියා වීම හේතුවෙන් දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තුද ඉහල යා හැකි බව ප්‍රවාහණ හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ 2024 වසර පමණ වන විට මෙරට තුළ විදුලි දුම්රිය සේවා ආරම්භ කරන බවයි.

එමෙන්ම මෙරට තුල කණු මත දිවෙන සැහැල්ලු දුම්රිය සේවාවද ආරම්භ කරන බැවින් දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බවට අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළට මුහුණ දුන් අපේකෂකයින් 05 කගේ ප්‍රතිඵල අත්හිටුවීමට පියවර…

Mohamed Dilsad

මුහුණු ආවරණය සහිතව පැමිණෙන්නන් පිළිබඳව පාසැල් ප්‍රධානීන්ට ලිපියක්.

Mohamed Dilsad

Leave a Comment