ක්‍රීඩා

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

(උදයම්,කොළඹ)   –  ඔස්ට්‍රේලියාව සමග පැවති 20 යි 20 තරගාවලිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියේය.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

පිළිගැනීමෙන් අනතුරුව ගුවන්තොටුපල පරිශ්‍රයේ විශේෂ මාධ්‍ය හමුවක්ද පැවැත්විය.

එහිදී අසේල ගුණරත්න ප්‍රකාශ කලේ දකුණු අප්‍රිකා සංචාරයේ අත්දැකීම් ඔස්ට්‍රේලියා සංචාරයේදී තමන්ට බෙහෙවින් ඉවහල් වු බවය.

විශේෂයෙන් දකුණු අප්‍රිකා තණතිලි සහ ක්‍රීඩා පිටිවලට සමාන තත්වයක් ඔස්ට්‍රේලියාවේ ද පැවතිම හේතුවෙන් තමන්ට වැඩි දස්කම් දැක්වීමට හැකිවු බවයි ඔහු කියාසිටියේය.

මෙහිදී ලසිත් මාලිංග ප්‍රකාශ කලේ තමන් වසරකට වැඩි කාලයක් ක්‍රීඩාවෙන් ඈත්වී සිටීම හේතුවෙන් තවමත් පැරණි දස්කම් අතරට පැමිණ නොමැති බවයි.

Related posts

ළහිරු කුමාරටත් කොරෝනා

Mohamed Dilsad

ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් යුත් නවසීලන්ත සංචිතය මෙන්න..

Mohamed Dilsad

මෙවර IPL සමාරම්භක තරඟය වාර්තා පොත් අතරට

Mohamed Dilsad

Leave a Comment