Trending News

සහල් මිල ගණන් පරීක්ෂා කර බැලීමට ඇමති රිෂාඩ් කොටුවේ සංචාරයට සුදානම්

(උදයම්,කොළඹ)    – රට තුළ සහල් හිගයක් ඇති වීමට හෝ වැඩි මිලට සහල් අලෙවි කිරීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බව කර්මාන්ත හා වානිජ කටයුතු පිලිබද අමාත්‍ය රිෂාර්ඩ් බද්යුදීන් පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රජය ප්‍රකාශයට පත්කරනු ලැබු මිලට සහල් අලෙවි කරන්නේද යන්න සොයා බැලීම සදහා උතුරු පළාතේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ රජයේ පාලන මිලට ලංකාවේ පිහිටි සතොස ආයතන 325 ක් හරහාත් ලබන සතියේදි සමූපාකාර හරහාත් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවය.

පසුගිය දිනවල සහල් මෝල් හිමියන් පාලන මිලට සහල් ලබාදීම ප්‍රතික්ෂේප කර සහල් සගවා තැබූ බව පැවසූ අමාත්‍යවරයා ප්‍රකාශ කලේ ගොවිතැන් පාලුවිීම නිසා රජය සහල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ පනස්දහසක් ආනයනය කර රජයේ පාලන මිලට ජනතාවට ලබාදීමට තීරනය කල බවය.

සහල් වැඩිමිලට අලෙවි කරන වෙලදුන් වැටලීම සදහා පාරිභෝගික අධිකාරිය දැනුවත් කොට ඇති අතර ඒ සදහා දිවයින පුරා නිළධාරීන්200 ක් යොදවා ඇතැයිද අමාත්‍යවරයා කියා සිටියේය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINISTER-RISHAD-22-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/02/MINISTER-RISHAD-UDM-SIN-1.jpg”]

Related posts

Afternoon thundershowers expected in most parts of the island

Mohamed Dilsad

Windy condition expected to strengthen – Met. Department

Mohamed Dilsad

ஹைலெவல் வீதியில் வாகன போக்குவரத்து மட்டு

Mohamed Dilsad

Leave a Comment