ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති පොහොට්ටුවෙන්

(UTV| කොළඹ) – ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සඳහා නගරාධිපතිවරයා වශයෙන් පොදු ජන පෙරමුණේ නීතිඥ මධුර විතානගේ මහතා තේරී පත් වෙයි.

ඡන්ද විමසීම අද (02) උදෑසන පැවති අතර එහිදී පොදු ජන පෙරමුණ සඳහා තරඟ වැදි මධුර විතානගේ මහතාට පක්ෂව ඡන්ද 18 ක් හිමිවිය.

එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදි චන්දිම නයනජිත් මහතාට ලැබුනේ ඡන්ද 11 ක් පමණි.
එක්සත් ජාතික පක්ෂයේ එක් සභිකයෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභිකයින් 5දෙනෙක් පොදු ජන පෙරමුණේ මධුර විතානගේ මහතාට සහය පළ කර ඇති අතර ඒ අනුව ඡන්ද 23 ක් ලබා ගෙන ඔහු නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්ව ඇත.
විවෘත ඡන්දයක් ලෙස පැවති මෙම ඡන්ද විමසීමට ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිට තිබේ.
මෙහිදී උප නගරාධිපතිවරයා වශයෙන් තේරී පත්වුණේ පොදු ජන පෙරමුණේ ප්‍රේමලාල් අතුකෝරළ මහතාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති රෝමයෙන් ජෝර්ජීයාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

පරිපාලන සේවයේ නිළධාරීන් ඇතුළු විධායක දීමනා නිළධාරීන්ට දීමනාවක්

Mohamed Dilsad

අම්පාර සහ නුවර සිද්ධි වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව නීතිමය පියවර ගන්න – ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment