යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරය මායිමට නිල්දෙනිය රක්ෂිතයට හානි කරමින් හොටලයක් ඉදිකරමින් පවතින බවත් මෝනින් සයිඩ් හා සූරියකන්ද සම්ප්‍රේෂණ කුලුනු පිහිටි රක්ෂිත කලාපය ආසන්නයේ මෙම ඉදිකිරීම් සිදු කරන බැවින් පරිසර විනාශයක් සිදුවන බවට සූරියකන්ද කඩ මුදුන ගම්වාසීහු පවසති.
පාංශු සංරක්ෂණ පනත මඟින් ආවරණය වන කලාපයක් වන මෙම කලාපය මුහුදු මට්ටමේ සිට වර්ග අඩි 3200ක පමණ උසකින් යුත් ජෛව විවිධත්ව පරිසර පද්ධතියකට උරුම කම් කියන වනාන්තර ප්‍රදේශයකි. එම කලාපයේ සුර්යකන්ද සහ කඩමුදුන යන ගම්මාන දෙකේ පානිය ජලය සපයා ගන්නා ජල මූලාශ්‍රයක්ද පිහිටා ඇති අතර එයට හානි වන ලෙස මෙම විනාශය සිදුවන බවත් ප්‍රදේශවාසීන් සඳහන් කරති. .
