Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඩොලර් බිලියන 12ක ණයක් සමග මස්ක් ‘X’ සමාගම විකුණයි

ඊලෝන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇත. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත.

ඊලෝන් මස්ක් ඔහුගේ සමාජ මාධ්‍ය සමාගම වන ‘X’, ඔහුගේම කෘතිම බුද්ධි සමාගම (Artificial Intelligence Company) වන ‘xAI’ වෙත විකුණා ඇත. සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඊයේ (28) මේ බව තහවුරු කර ඇත.

ඒ අනුව xAI සමාගම විසින් ඩොලර් බිලියන 45ක්  X මිලදී ගැනීම සඳහා ගෙවනු ලබයි. කෙසේ නමුත් මෙම ගනුදෙනුවේ ඩොලර් බිලියන 12ක ණය මුදලක් ඇතුළත් වේ. මස්ක් මෙවර X අලෙවිකරන වටිනාකම ඔහු එවකට ‘Twitter’ ලෙසින් හැඳින් වූ මෙම සමාජ මාධ්‍ය සමාගම මිලදී ගැනීම සඳහා ගෙවූ මුදලට වඩා තරමක් වැඩි බව විදෙස් මාධ්‍ය පවසයි. 2022 වසරේදී ඔහු ‘Twitter’ මිලදී ගෙන ඇත්තේ ඩොලර් බිලියන 44කටය.

Related posts

සමගි ජන බලවේගයේ අභියාචනය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

මොඩර්නා එන්නත වෛරසයේ නව ප්‍රභේදවලට එරෙහිවත් ක්‍රියා කරයි

Mohamed Dilsad

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

Leave a Comment