Trending Newsඑසැන පුවත්දේශීය

රියදුරු බලපත්‍රය වෙනස් කිරීමේ තීරණයක්

දැනට භාවිත කරනු ලබන රියදුරු බලපත්‍රය වෙනුවට නව ඩිජිටල් රියදුරු බලපත්‍රයක් කඩිනමින් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට සුහුරු කාඩ්පතක් ලෙස රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම ආරම්භ කර වසර 15කට ආසන්න කාලයක් ගත වී ඇති අතර අදාළ ආයතන අතර දත්ත හුවමාරුවකට පහසුකම් සලසමින් නව තාක්ෂණය අනුව ලෝකයේ රටවල් ගණනාවක දැනට භාවිත කරනු ලබන ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ යෝග්‍යතාව රජය විසින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන මෙම ඩිජිටල් රියදුරු බලපත්‍රය ඉක්මනින් හඳුන්වා දීමට නියමිතය. ඩිජිටල් රියදුරු බලපත්‍රය නිකුත් කරන තුරු දැනට අනුගමනය කරනු ලබන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

Related posts

මිලියන 23 ක් වටින PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරයි

Mohamed Dilsad

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටින මාලිමාවේ ජගත් මනුවර්ණ පාර්ලිමේන්තුවට එයි :පොලීසිය බලාසිටී

Editor O

சுதந்திரம் அற்ற யுகத்திற்கு மீளவும் நாட்டை கொண்டுச் செல்ல அனுமதிக்க முடியாது – சஜித் பிரேமதாச [VIDEO]

Mohamed Dilsad

Leave a Comment