Trending Newsඑසැන පුවත්දේශීය

රාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයි

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට අදාළව, රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් ඊයේ (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්. ඒකී විදුහල්පතිනිය රුපියල් ඒක් ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් ලෙස ලබා ගනිද්දී අල්ලස් විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අදාළ විදුහල්පතිනිය පැමිණිලිකාරියගේ දරුවා 2025 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත්කර ගැනීම සඳහා මෙම මුදල් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ. එම මුදල එම මුදල, පාසලේ විදුහල්පති කාර්යාලයේදී  ලබාගැනීමේදී විදුහල්පතිනිය ඊයේ (07) සවස 04ට පමණ අත්අඩගුවට ගෙන ඇත. සැකකාරිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

වෛරසයෙන් ආරක්ෂාවීමට සෞඛ්‍ය පුරුදු දැක්වෙන සංඥා මාලාවක්

Mohamed Dilsad

இந்தியப் பிரதமர் நாளை இலங்கை வருகிறார்

Mohamed Dilsad

Toll on Colombo bound traffic on the cards

Mohamed Dilsad

Leave a Comment