ක්‍රීඩා

සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වීමේ තීරණයක

(උදයම්,කොළඹ) –  ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායක කුමාර සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වීමට තමන් තීරණය කර තිබේ.

ඔහු බීබීසී පුවත් සේවය වෙත මේ බව පවසා ඇති බව වාර්තාවේ.

ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන එංගලන්ත පළමු පෙළ ක‍්‍රිකට් තරඟාවලිය සංගක්කාර සහභාගී වන අවසන් තරගාවලියයි.

ඔහු පසුගියදා  පළමු පෙළ ක‍්‍රිකට් තරඟවල ලකුණු 20000 සීමාව පසු කළේය.
එවැනි දස්කමක් දැක්වූ පළමු ශ‍්‍රී ලාංකිකයා වන්නේද  කුමාර් සංගක්කාරය.
2015 ලෝක කුසලාන තරඟාවලියෙන් අනතුරුව එක් දින ක‍්‍රිකට් දිවියට සමු දුන්නේය.

2014 වර්ෂයේදී විස්සයි විස්ස ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවට දිනා දීමෙන් අනතුරුව සංගක්කාර අන්තර්ජාතික විස්සයි විස්ස ක‍්‍රිකට් පිටියෙන් ද සමු ගත්තේය.

 

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕමානයට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් නව වාර්තාවක්

Mohamed Dilsad

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Editor O

Leave a Comment