දේශීය

සුපුන් පතිරගේ අල්ලස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති සුපුන් පතිරගේ මහතා විසින් අල්ලස් කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

 

මෙහි වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, එහි සභාපතිනී ඊවා වනසුන්දර ඇතුළු කොමසාරිස්වරුන් සහ එහි නිලධාරීන්ව නම්කර ඇත.

 

නැව් තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපාරයකට අදාළ බලපත්‍රයක් අලුත් කිරීමට අදාළ අයදුම්පතක් තමා හමුවට පැමිණි බවත් තාක්ෂණික හේතුන් 06ක් මත තමා එය ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කරු කියා සිටී.

 

පසුව අදාළ බලපත්‍රය අලුත් කරන ලෙස දේශපාලකයින් ඇතුළු පාර්ශ්ව කිහිපයකින් තමන්ට බලපෑම් එල්ලවූ බවත් ඔහු කියා සිටියේය.

 

පසුව අදාළ බලපත්‍ර නිකුත් කිරීම සඳහා රුපියල් කෝටියක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් තමන්ව ද්වේශසහගත ලෙස අත්අඩංගුවට ගත් බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද සිටියේය.

Related posts

සීනි බදු වංචාව සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

ඥානසාර හිමි ඇතුළු තිදෙනෙක්ට එරෙහිව ඇති පැමිණිල්ලක් සලකා බැලීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment