දේශීය

ග්‍රෑන්ඩ්පාස්වල මනුෂ්‍ය ඝාතනයක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලගම්වීදිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙක්ව ඝාතනය කර තිබේ.

 

ඊයේ (05) සවස ග්‍රෑන්ඩ්පාස් පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කිරීමේ දී මේ බව අනාවරණය වී ඇත.

 

මියගිය 25 හැවිරිදි තරුණයා, නාගලගම් වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඔහු පිටුපස ලුහුබැඳ පහරදීමට උත්සාහ කර ඇති අතර එයින් බේරීම සඳහා මියගිය තරුණයා අසල වෙළෙඳසැලක් තුළට දිවගොස් ඇත.

 

පසුව පිටුපසින් පැමිණි සැකකරුවන් පිරිස තියුණු ආයුධවලින් පහරදීමෙන් පසු පළාගොස් තිබේ.

 

පහරදීමෙන් බරපතළ තුවාල ලැබු තරුණයා රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් ඇත.

 

මියගිය තරුණයා සමග කලක පටන් පැවති අමනාපයක් මත ඇති වු ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

 

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීමට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

එල්.ටී.ටී.ඊය ප්‍රවර්ධනය කළ දෙදෙනෙක් යාපනයේදී අත්අඩංගුවට

Mohamed Dilsad

පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට

Mohamed Dilsad

Leave a Comment