විදෙස්

යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

(UTV | WHO ) – යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහල ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපිය අධ්‍යක්ෂ හාන්ස් ක්ලුග් මහතා සදහන් කළේ, යුරෝපයමධ්‍යම ආසියානු කලාපය සහ රුසියාව ඇතුඵ රටවල් 53 ක කොරෝනා ව්‍යාප්තිය ඉහල ගොස් ඇති බවයි.

ලෝක සෞඛය සංවිධානය රැස්කළ දත්තවලට අනුව ඉකුත් මාසයේ මැද වනවිට දසවන සතියටත් කලාපයේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ පහලයාමක් දක්නට ලැබුනි.

කෙසේ වෙතත් ඉකුත් මස මැද භාගයෙන් පසු ගතවු සති දෙක තුළදී කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සියයට 10 කින් පමණ ඉහල ගොස් තිබේ. යුරෝපා කලාපයේ ජනතාවගෙන් සියයට 60 ක් තවමත් කොරෝනා එක් මාත්‍රාවක් හෝ ලබාගෙන නැත.

මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිරයමින් පවති. මේ හේතුවෙන් ජනතාව වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුගත යුතු බව හෙතෙම සදහන් කරයි.

Related posts

ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්

Mohamed Dilsad

තමන්ගේ ඡන්දයට උදව් කළ පුද්ගලයාට ඇමරිකන් ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

ෆේස්බුක් සමාගම් නාමය මෙටා ලෙස වෙනස් කරයි

Mohamed Dilsad

Leave a Comment