කලාදේශීය

බයිලා සංගීතයේ පෙරළිකාර පෝල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ජනප්‍රිය ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

බයිලා ගායනයෙන් සුවිශේෂී දස්කම් පෑ ඒ මහතා මිය යන විට 69 වන වියේ පසු විය.

කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

1969 වසරේදී ටැලන්ට් සික්සි නයින්ට් ගායන තරගයේ ජයග්‍රහණය ලබමින් ගායන ක්ෂේත්‍රයට පිවිසි පෝල් ප්‍රනාන්දු දශක ගණනාවක් එක ලෙස සිය ජනප්‍රියත්වය පවත්වා ගැනීමට සමත් විය.

1951 වසරේ නොවැම්බර් 24 වනදා මොරටුවේදී උපත ලැබූ ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි සිසුවෙක්.

සුපුන් සදක් අහසෙ පාවුණා, ගොළු හදවත විවර කරන්න, එගොඩ ගොඩේ මල් නෙළනා, සද පාන වගේ ඔබෙ රුව දිලිසිලා වැනි ජනප්‍රිය ගීත රාශියක් ගායනා කරමින් ශ්‍රාවක හදවත් දිනා ගැනීමට පෝල් ප්‍රනාන්දු සමත් විය.

 

Related posts

අද සිට කටුනායක නව PCR පරීක්ෂණ ක්‍රියාත්මකයි

Mohamed Dilsad

මෙරට සුළං බලය අදානි සමාගමට ලබාදීමෙන්, රජයට ඩොලර් මිලියන ගණනක පාඩුවක් – නීතිඥ අජිත් පී පෙරේරා

Editor O

අභියෝග ජයගනිමින් සංචාරක ක්ෂේත්‍රය නව ගමනකට යොමු කරන්න සූදානම් වෙන්න

Mohamed Dilsad

Leave a Comment