දේශීය

පාතාල නායකයන් 10 ක් අල්ලන්න ජාත්‍යන්තර පොලිසියෙන් සහාය

(UTV | කොළඹ) – විදේශයන්හි සිට අපරාධ සංවිධානාත්මක අපරාධකරුවන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් (INTERPOL) රතු නිවේදන ලබාගෙන ඇතැයි අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.

මින් වැඩි පිරිසක් මෙරට ප්‍රසිද්ධ පාතාල කල්ලිවල නායකයන් බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන ලබාගෙන සිටින මෙම අපරාධකරුවෝ සියලු දෙනා මෙරටදී මිනීමැරුම්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් හා ස්ත්‍රී දූෂණ යනාදී විවිධ අපරාධ සිදු කර නීතියෙන් බේරීම සඳහා විදේශයන්ට පලාගොස් සිටින අය වෙති.

මේ අපරාධකරුවන් මෙරටට රැගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්ධනයට

Mohamed Dilsad

නවවැනි පාර්ලිමේන්තුවේ 02 වන සැසිය අද ඇරඹෙයි [VIDEO]

Mohamed Dilsad

ජනපති ආර්යා අයෝමා රාජක්ෂගේ මව අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment