දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීම් 2 ක් අද

(UTV | Colombo) – මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡා 2 ක් අද (20) දිනයේදී කැඳවා තිබේ.

පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම කැඳවීම් සිදු කර ඇති බවට වාර්තා වේ.

පළමු සාකච්ඡාව අද පෙරවරුවේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර පැවැත්වීමට නියමිත වේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව සෞඛ්‍ය බලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ද පැවැත්වීමට මැතිවරණ කොමිසම සැලසුම් කර ඇත.

යුධ හමුදාපතිවරයා , වැඩබලන පොලිස්පතිවරයා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තැපැල්පතිවරයා ඊට කැඳවා තිබේ.

රට තුළ පැතිරයමින් පවතින කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමග මහ මැතිවරණය පැවැත්විමේ දින වකවානු කල් දැමූ අතර ඒ අනුව මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා මෙම රැස්වීම් පැවැත්විමට නියමිතයි.

Related posts

සංචාරක ප්‍රවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරිමට විශේෂ කමීටුවක්

Mohamed Dilsad

අනුරාධපුර පොලීසියේ පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment