ප්‍රමුඛ පුවත 1

හිටපු විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

(UTV| කොළඹ)  – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරයි.

ඒ මන්ත්‍රී රංජන් රාමනායක සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුවය.

ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අධිකරණමය නීතිමය කාර්යක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට සැකකාර රන්ජන් රාමනයාක මන්ත්‍රිවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබේ.

 

Related posts

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සුව ඇමති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට පලා ගිය එල්.ටී.ටී.ඊ සොල්දාදුවෙකු එරට පුද්ගල ඝාතනයකට වරදකරු වෙයි

Mohamed Dilsad

තඩ්ඩුවාන් රක්ෂිතයේ ලැව් ගින්නක්

Mohamed Dilsad

Leave a Comment