දේශීය

සෑම අමාත්‍යාංශයක් සඳහාම වෘත්තීය සමිති ලේකම්වරයෙක්

(UTV | කොළඹ) – රජය විසින් සෑම අමාත්‍යාංශයටම වෘත්තීය සමිති හා සේවක සබඳතා සඳහා සහකාර ලේකම්වරයෙකු බැගින් පත් කිරීමට තීරණය කර තිබේ.

ඒ සඳහා යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය හමුවට ද ඉදිරිපත් වී ඇති අතර ඊට අනුමැතිය ද හිමිව ඇති බවයි වාර්තා වේ.

මෙම නව තනතුර තුළින් කාර්ය මණ්ඩල නියෝජිතයන් පරිපාලන කටයුතු සඳහා සහභාගි කර ගැනීමට සහ අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල වෘත්තීය සමිති සම්බන්ධීකරණ කටයුතු විධිමත් කර ගැනීම අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නොවන තනතුරක් ලෙස එය ස්ථාපිත කර ඇත.

Related posts

අබුසාලි අබු බකර්ගේ සහයකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස්පතිවරයාට එරෙහි අගරදගුරුගේ පෙත්සම ගැන ගන්නා තීරණය ලබන 24 වෙනිදා

Editor O

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment