ප්‍රමුඛ පුවත 1

මරණ දණ්ඩනය සම්බන්ධ ලිපිගොනු අස්ථානගත වී නැත.

(UTV| කොළඹ) – මරණ දඬුවම සම්බන්ධ කිසිදු ලිපිගොනුවක් අස්ථානගතවී නැතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය ඊයේ (05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

ඇමතිවරිය පවසන්නේ මරණ දඬුවම නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් 48 දෙනකු සිරගතව සිටින බවත් ඉන් 30 දෙනකු අභියා‍චනා ඉදිරිපත් කර තිබෙන බවයි.

තවද කිසිඳු ලිපි ගොණුවක් අස්ථානගතවී නොමැති බව එතුමිය ප්‍රකාශ කල අතර අවසන් තීරණය ජනාධිපතිවරයා සතුවන බව ඇමතිවරිය පැවසුවාය.

මේ වනවිට බන්ධනාගාර තුළ මරණ දඬුවම නියම වූවන් 1242 ක් සිටින බවත් ඉන් 873 දෙනකු අභියාචනා ඉදිරිපත් කර තිබේ .

2010 වසරින් පසුව මරණ දඬුවම නියම වූ කිසිවකු හට ජනාධිපති පොදු සමාව ලබාදී නොමැති බවත් පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් සමාලෝචන මණ්ඩල ක්‍රියාත්මක වන බවත් ඇමතිවරිය පැවසුවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ඇතින්නියන්ගේ අභිරහස් මරණ ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් මහජනතාවට වැසේ.

Mohamed Dilsad

Leave a Comment