ප්‍රමුඛ පුවත 1

අලි කුලප්පුවෙන් 31ක් රෝහලේ

(UTV| කොළඹ) – ඊයේ (01) රාත‍්‍රියේ කහවත්ත නගරයේ වීථි සංචාරය කළ පෙරහැරක ගමන් ගත් අලියෙකු කුලප්පු වීම හේතුවෙන් 31 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරේ.

පොලිසිය පැවසුවේ පෙරහැරේ ගමන් කළ එක් අලියෙකු පළමුව කුලප්පු වී ඇති අතර අනෙක් අලින්ද පසුව කුලප්පු වී ඇති බවයි.

එම අවස්ථාවේ පෙරහැර නැරඹීමට පැමිණි ජනතාවද නොසන්සුන්වීම නිසා තත්ත්වය තවත් දරුණුවී තිබේ.

එහිදී තුවාල ලැබු පිරිස රත්නපුර සහ කහවත්ත යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

ඔවුන් අතර කාන්තාවන් 19 දෙනෙකු ද පෙරහැරේ රාජකාරී සඳහා එක්ව සිටි පොලිස් නිලධාරියෙකුද වන බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රක්ෂිතවල පස්, වැලි, බොරළු සහ කළුගල් කැණීම සදහා බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

එජාප මහලේකම්ගෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

බේරේ වැව මගී ප්‍රවාහන යාත්‍රා සේවය අද ආරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment