ප්‍රමුඛ පුවත 1

GSP + ලබාගැනීමට උපරිම සහයෝගය දීමට ස්පාඤ්ඤය සුදානම්

(උදයම්,කොළඹ)  –  ජී.එස්.පී ප්ලස් බදු සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව ස්පාඤ්ඤය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ස්පාඤ්ඤයේ විදේශ කටයුතු අමාත්‍ය අල්ෆොන්සෝ දාස්ටීස් කුසෙඩෝ මහතා මේ බව පවසා ඇති බව ය.

ඊයේ(01) විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ස්පාඤ්ඤ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී කච්ඡා පවත්වා තිබේ.

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සමගාමීව මෙම සාකච්ඡාව පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

දෙරට අතර පවති සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහාත් ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවන ලෙස මංගල සමරවීර අමාත්‍යවරයා ස්පාඤ්ඤ විදේශ අමාත්‍ය කුසෙඩෝ මහතාට ආරාධනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ ස්පාඤ්ඤ තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීමට ස්පාඤ්ඤ රජය අපේක්ෂාවෙන් සිටින බව ස්පාඤ්ඤ විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

Related posts

රටේ එක නීතියක් ක්‍රියාත්මක කරන්න සියලු ජාතීන්ගේ සහාය අවශ්‍යයි.

Mohamed Dilsad

අඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරින් මිය ගිය ගණන ඉහළ යයි

Mohamed Dilsad

පොළොන්නරුවේ ප්‍රභූ ආරක්ෂක නිලධාරියා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment